Showing posts with label Information's. Show all posts
Showing posts with label Information's. Show all posts

Friday, May 29, 2015

Networking යනු කුමක්ද ?

ඇත්තටම Networking කියන්නේ මොකක්ද? හරියටම දැන ගන්න ඕනේද?

මෙන්න එහෙනම් අද සිට අපි පරිගනක සම්බන්දව මූලික අඩිතාලමේ සිට සංකීර්ණ තාක්ශනික පැතිකඩ දක්වා සරලව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා...

Networking යනු?
සම්පත් පොදුවේ හුවමාරු කරගත හැකිවන පරිදි පරිඝණක දෙකක් හෝ කිහිපයක් එකිනෙක සම්බන්ද කරගනිමින් ගොඩනගා ගන්නා පරිඝණක ජාලයකි.

Wednesday, May 13, 2015

Driven License Exam past paper for Free

ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලා,අපි කාටත් වැදගත්වන තොරතුරක් අරගෙන තමයි.
ඒ තමයි,අපි කවුරුත් අපේ වයස 18 පනිනකන් බලාගෙන නේ ඉන්නේ...කොල්ලන්ට තමයි ඉතින් මේක ගොඩාක් මග බලාගෙන ඉන්නේ,(ඔන්න ඉතින් කස්ටිය හිතයි මොකටද මග බලාගෙන ඉන්නේ කියල -(ජන්දේ දාන්නවත්ද කියලා))

අනේ නෑ ඔයාල දන්නවනේ අපේ මේ Blog site එකේ කවදාවත් දේශපාලනය වෙනුවෙන් කඩේ යන්නේ නැතිබව.....

හොදයි දන්නවද අද දෙන්න යන්නේ මොනවද කියලා,ඒ තමයි,අපි කවුරුත්  වාගේ, Driven license එක ගන්නවනේ..ඉතින් ඔන්න අද මම දෙන්න යන්නේ අපේ  license ගන්න ඉන්න අයියල,අක්කලා,නංගිලා මල්ලිලාට හම්බවෙන paper එක..

Friday, April 24, 2015

Ubuntu ගැන දන්න සිංහලෙන් ඉගෙන ගන්න

උබුන්ටු (උසුරුවනුයේ /ʊˈbʊntuː/) යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත.


දකුණු අප්‍රිකානු උබුන්ටු("ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්") දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත. විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී.අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක් පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණක භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

Thursday, February 19, 2015

Internet

Internet

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි.
එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ.

Sunday, February 8, 2015

ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි.

ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි.
මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.

එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ.
නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.

Wednesday, April 2, 2014

Fun messages

මම අද ඔයාලට දෙන්න යන්නෙ සුපිරි වැඩක්,
ඒ මොකක්ද දන්නවද? ඒ තමයි ඔයාල යාලුවන්ට  messages යවනකොට එහෙම fun messages යවනවනේ මේ තියෙන්නේ ඒවගේ fun messages ටිකක් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ

Dawunload this fun messages pack 



එහෙනම් මම කැපුනා.එකක් හරි එකක් හරි දාල යන්න අමතක කරන්න එපා හොදේ.

Friday, March 7, 2014

XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....

යාලුවනේ මම හුග කාලෙකින් අලුත් post ඒකක් දාන්නේ....
මම මේ දවස් වල ටිකක් විතර busy.

ඒත් අලුත් තොරතුරක් දැනගත්තහම ඔයාලව තමයි මදක් වෙන්නෙ.

මොකක්ද දන්නවද,
XP පාවිච්ච් කරන අය දැන් නම් අවදානමේ.....

මොකද දන්නවද?
2014/04/28 දිනෙන් පස්සෙ Microsoft සමාගම අලුත් සංස්කරණ/patch හදන්නෙ නෑලු.
ඔයාලටත් මේ ගැන වැඩි ව්ස්තර දැනගන්න ඔනි නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.

 Click to this
මම ටිකක් මේ ගැන විස්තර කරන්නම්,
අපේ virus හදන අයියල, programme වැඩ කිඩ දාන මල්ලිලා නම් දැනටමත් මේ ගැන දන්නවා..

ඒත් ඒගොල්ලො 2014/4/28 පහු වෙනකන් තමයි බලන් ඉන්නෙ.
මොකට කියලද හිතන්නෙ,

මේ දවස් වල OS එකට attack කරන  Programme දැම්මොත්
Microsoft සමාගම ඒවට එරෙහිව වැඩ කරන patch දානවනේ.

ඒත්  2014/04/28 පස්සෙ Microsoft සමාගම patch දාන්නෙ නැති නිසා අපේ අයියලාට,මල්ලිලාට ඔනි විදිහට නටාගන්න පුලුවන්,(රජ මගුල් )

ඉතින් ඔයාලට දැන් වැඩේ තේරෙනවනේ,
අපේ ලංකාවෙ ගොඩාක් office වල තවමත් use කරන්නෙ XP
ඒයාලට බුදුසරණයි.

දැන්ම වෙන OS එකකට Windows XP use කරන ඔයත් මාරු වෙන්න.
මම පහලින් දාන්නම් අනෙක් හොද Windows OS එකකට ඔනි කරන Mimimum system requirements

 Windows Vista :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) -8GB Free Hard disk - DVD ROM
 Windows 7 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 10GB Free Hard disk - DVD ROM
 Windows 8 :- 1GHz -(32bit 1GB RAM)/(64bit 2GB RAM) - 15GB Free Hard disk - DVD ROM

ඉතින්,දැන්ම ඔයාලගේ  PC එකේ Hardwares වලට ගැලපෙන OS එකක් තොරගෙන දැන්ම දාගන්න.

මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත්  එකකින් නැවත හමුවෙමු.(ඒත් ලගකදි නම් බැරි වේවි මම මේ දවස් වල busy ඒකයි)

Tuesday, January 28, 2014

Gazette Free

අපි කවුරුත් gazette එක බලන්න ඔනි උනහම,පුස්තකාලයට හරි තැපැල්කන්තෝරුවට හරි යන්න එපයැ....
ඒකට හොදම විසදුම තමයි මම අද ඔයාලට ගෙනාවේ....

ඔයාලට වටින තවත් දෙයක්නෙ,ලංකාවේ අපේ  gazette එක,
ඔයාලට සතිපතා නිකුත් වන රජයේ gazette එක pdf ආකාරයට dawunload කරගන්න පුලුවන්
මේ link එකෙන්,

Click heare




මුලින්ම ඔයාල මේ ලින්ක් එකට ගිහිල්ලා, page එක load වුනාට පස්සෙ,නැවත වතාවක්
refresh කරන්න.
එතකොට අලුතෙන්ම පිටවූ gazette එක  dawunload කරගෙන බලන්න පුලුවන්....

ඔයාලට මේ විදිහට gazette එක බලාගන්න උදව් කරන්නෙ,අපි කවුරුත් දන්න .... dailynews paper
එකෙන් තමයි...

ඔයාලට මේ post එක වැදගත් වුනානම්,යාලුවන්ටත් share කරන්න,

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න