Saturday, January 3, 2015

The Programming language in JAVA

ඉතින් යාලුවනේ,ඔන්න මම අදත් ගෙනාව ඔයාලට තවත් ගොඩාක් වැදගත් වෙන ලිපියක්
ඒ තමයි, The Programme language in JAVA



ඔයාල දන්නවනේ අපි ගාව තියෙන ගොඩාක් සංකීර්ණ   Software එකේ ඉදලා KB ගනන් පොඩි  Software එක දක්වාම ලියන්නේ  Programme language වලින් කියල....ඉතින් මේ විදිහට හදන  Software වල  Programming language එක විදිහට 90%ම  භාවිතා කරන්නේ JAVA.
මම මේ ඔයාලටත් කියල දෙන්න යන්නේ මුල සිටම JAVA ගැන..... ඉතින් මේ පහලින් දාල තියෙන  Link එකෙන් ගිහින්  JAVA ගැන් ලියවුනු පොත Daunload කරගන්න..


 ( link එක click කර තත්පර 5ක් ‍රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති skip add යන්න click කරන්න )


Java ගැන හැඳින්වීමක්...........

Java කියන්නෙ ලෝකෙ දැනට භාවිතා කරන ජනප්‍රියම ක්‍රමලේඛ භාෂාවක්.
Java යනු ඉගෙනගන්නට පහසු මෙන්ම විවිධ ක්ෂේත්‍ර ගණනාවක භාවිත වන භාෂාවක්. ඉතින්  මුල සිට ඉතා සරල ආකාරයෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ආකාරයෙන් java මගින් programming කරන හැටි කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

පරිගණක තාක්ශණය පිලිබඳ ඉගෙනගන්න කැමති ඕනෑම අයෙක්ට මෙම blog එක පරිහරණය කිරීමට ආරාධනා කරනව.

අපි හැමෝම එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීම සඳහා විවිධ භාෂා යොදාගන්නව. අපේ රටේ නම් ඉතින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි වගේ භාෂා පාවිච්චි වෙනවනෙ.
ඒ වගේ ලෝකෙ විවිධ මිනිස්සු විවිධ භාෂා වලින් අදහස් හුවමාරු කරගන්නව. සත්තුත් ඒ ඒ අයට ආවේණික වූ ක්‍රම වලින් අදහස් හුවමාරු කරගන්නව. ඉතින් අපිට පරිගණකය ලවා යම් කිසි දෙයක් කරගන්න අවශ්‍ය නම් පරිගණකය සමඟ අදහස් හුවමාරු කරගන්න සිදුවෙනවා.
 නමුත් ඒ කාර්යය අපි භාවිත කරන භාෂා වලින් ඉටු කරගන්න අමාරුයි. මොකද පරිගණකයට ඒ භාෂාවන් තේරෙන්නේ නැති නිසා. පරිගණකයට තේරෙන එකම භාෂාව තමයි binary language (machine language) එක.
මේ භාෂාවට අයත් වෙන්නෙ 1 හා 0 කියන ඉලක්කම් දෙක විතරයි. ඉතින් අපිට කරගන්න ඕනේ සෑම කාර්යයක් ගැනම පරිගණකයට දැනුම් දෙන්න වෙන්නෙ මේ ඉලක්කම් දෙක භාවිතයෙන් විතරයි. ඔයගොල්ලෝ binary numbers ගැන දන්න හින්ද මම ඒ ගැන වැඩි විස්තර කතා කරන්න යන්නේ නෑ.
කොහොම වුනත් මුල්ම කාලයේ පරිගණක ක්‍රමලේඛනය සිදු වුණේ මේ machine language එක භාවිතයෙන් තමයි. නමුත් මෙම machine language ඇසුරෙන් පරිගණකය හැසිරවීම පහසු වුණේ නම් නෑ. ඒ ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
මේ නිසා පරිගණක ඉංජිනේරුවරු වඩාත් පහසුවෙන් මිනිසාට හැසිරවිය හැකි පරිගණක භාෂා තනන්නට උනන්දු වුණා.


මේ අනුව මිනිසාට කියවා තේරුම්ගත හැකි භාෂාවක් ලෙස assembly language සොයා ගැනුණා. මෙම assembly language මගින් ලියන ලද කේත පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට machine language එකට හැරවීම සඳහා assembler නම් පරිගණක වැඩසටහනක් භාවිත වුණා.
මෙම භාෂාව machine language වලට වැඩ මිනිසාට සමීප වුණත් මෙමගින් ලියන ලද පරිගණක වැඩසටහන් ඉතා දිගු හා තේරුම් ගැනීමට අපහසු වූ අතර මෙම වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී පරිගණකයේ දෘඩාංග සැකැස්ම (computer architecture) බලපෑවා. මේ නිසා පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් හට දෘඩාංග පිළිබඳවද සැලකිලිමත් වීමට සිදු වුණා.
 මේ නිසා තවත් ඉදිරියට යමින් ඉංග්‍රීසි භාෂාවට වඩාත් සමීප FORTAN, COBOL, C, Pascal වගේ භාෂා බිහි වුණා. මෙම භාෂා high-level languages ලෙසද හඳුන්වනවා. මෙම භාෂා වලින් ලියන ලද කේත machine language බවට හැරවීම සඳහා compiler හෝ interpreter යන වැඩසටහන් උපයෝගී වුණා.
මෙම භාෂා වලට තවත් විශේෂ අංග (Object oriented concepts, GUI features) එකතු වීමෙන් C++, Java, Visual C++, C#.net වගේ භාෂාවන් බිහි වුණා.

ඒ විදිහට හමුවුනු අදටත් වැදගත් භාශාවක් JAVA language විදිහට  Programme language එක යොදාගන්නවා..

මම මේ සඳහන් කලේ පරිගණක භාෂා වල ව්‍යාප්තිය පිලිබඳ කෙටි සටහනක් විතරයි.
ඉතින් මුලින්ම ඔයාලත් ඔයාලගෙ PC එකේ JAVA Install කරගන්න ඒකට  යන්න


 ( link එක click කර තත්පර 5ක් ‍රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති skip add යන්න click කරන්න )

හොඳයි,
අපේ මාතෘකාව java නෙ. අපි දැන් java ගැන කතා කරමු.

එහෙනම් java හැදුන තැනින්ම පටන්ගමුකො........

1991 ජනවාරි මාසෙ Sun Microsystems වල පරිගණක විද්‍යාඥයෝ කිහිප දෙනෙක් ඇමරිකාවේ කොලරාඩෝ වලට එකතු වුණා විශේෂ ව්‍යාපෘතියක් ගැන සාකච්චා කරන්න.
මෙම ව්‍යාපෘතිය කිරීම සඳහා පරිගණක ක්‍රමලේඛ භාෂාව තෝරාගැනීමට භාර වී තිබුණේ James Gosling හටයි. මොහු මේ සඳහා මුලින්ම C++ භාෂාව තොරගත්තත් පසුව ඔහුට වැටහුණා C++ මෙම ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය නොවන බව.
 ඒ නිසා ඔහු මේ සඳහා නව ක්‍රමලේඛ භාෂාවක් හදුන්වා දුන්නා. අන්න එහෙම තමයි java බිහි වුණේ. මේ java කියන නම සකස් වුණේ මෙම ක්‍රමලේඛ භාෂාව සොයාගැනීමට දායක වූ James gosling, Arthur Van hoff සහ Andy bechtolsheim යන අයගේ මුලකුරු වලින්.

Java වල තියෙන වැදගත් කාරණයක් තමයි java language එක WORA (Write Once Run Anywhere) කියන theory එකට අනුව නිපදවා තිබීම. ඒ කියන්නෙ මෙම භාෂාව භාවිතයෙන් කේතයක් එක සැරයක් ලිව්වම ඒක ඕනෑම පරිගණකයක ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම. මේ වගේ තවත් විශේෂ කිහිපයක්ම මෙම java සතු වෙනවා. ඒවා තමයි,

·         Simple
·         Object oriented
·         Distributed
·         Multithreaded
·         Dynamic
·         Architecture neutral
·         Portable
·         High performance
·         Robust
·         Secure
මෙතන තියෙන වචන වල තේරුම තවම තේරෙන්නේ නැතුව ඇති. මේවයේ තේරුම මෙතන පැහැදිලි කරන්න ගියොත් ඔයාලට java ඉගෙන ගන්න එකත එපා වෙයි. ඒ නිසා දැන්ම මේවා ගැන හිතන්න යන්න එපා. මේවා මෙතන සඳහන් කලේ මේ ගැන අහල තියෙන නිසා ඉදිරි පාඩම් වලදී මේ වචන මුණගැහුනම නුහුරු ගතියක් ඇතිනොවෙන්න.

තවත් java වල තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි java වලින් ලියන ලද කේත machine code එකට හැරවීම සඳහා compilation සහ interpretation යන ක්‍රම දෙකම භාවිත වීම. Java source code එකක extension එක තමයි .java ජාවා compiler එක මගින් මෙම source code එක .class extension එක සහිත byte code එකක් බවට පත් කරනවා. මෙම byte code එක interpreter එක මගින් machine code එක බවට හරවනවා.


ඒ ගැන වගේම JAVA වලින් software code විදිහත් අතුලත්  Vedio ගොනුව නරබන්න මෙතැනින් යන්න....
( link එක click කර තත්පර 5ක් ‍රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති skip add යන්න click කරන්න )

ඉතින් කොටලම අතත් රිදෙනව....ඉතින් මේ පහලින් දාල තියෙන  Link එකෙන් ගිහින් JAVA ගැන් ලියවුනු පොත Daunload කරගන්න..

යාලුවන්ටත් බලන්න කරන්න  share අමතක කරන්න එපා,ඒවගේම  comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ...

( උපුටා ගන්නා ලද ලිපියකි.. )

1 comments:

  1. ads wediy bn blog eke...mala wadayak ne..aye enna hitenne ne ads wedi unama...popads mala karumayak

    ReplyDelete

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න