ඇත්තටම Networking
කියන්නේ මොකක්ද?
හරියටම දැන ගන්න ඕනේද?
මෙන්න එහෙනම් අද සිට අපි පරිගනක සම්බන්දව මූලික අඩිතාලමේ සිට සංකීර්ණ
තාක්ශනික පැතිකඩ දක්වා සරලව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා...
Networking
යනු?
සම්පත් පොදුවේ හුවමාරු කරගත හැකිවන පරිදි පරිඝණක දෙකක් හෝ
කිහිපයක් එකිනෙක සම්බන්ද කරගනිමින් ගොඩනගා ගන්නා පරිඝණක ජාලයකි.
මෙමගින් ඇති ප්‍රයෝජන නම්,( දත්ත හුවමාරුව/
Hardware & Software හුවමාරුව / පරිපාලන කාර්යයන් සදහා සහය ) ලබාගත හැකි වීම.
· 1) Geography යනු network කරන භූමි ප්‍රදේෂය අනුව ඊට ගැලපෙන ලෙස,network
එක
සදහා අදාල ක්‍රමය තෝරා ගත - යුතුය
· 2) Architecture
යනු network
කරන
system එකට
අදාලව
පරිඝණකයකින් තවත් පරිඝණකයකටද
- නැතිනම් server PC එකකින් computer පද්ධතියක් හා සම්බන්ද කරන network එකක්ද යන්න සලකා බැලිය යුතුයි.
· 3) Topology යනු Network එක සදහා සම්බන්ද කරනු ලබන computers හා අනෙකුත් උපාංග සම්බන්ද වන ආකාරයට
වේ.
dසාමාන්යෙන් Network කිරීමේදී වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ LAN(Local Area Network) හා WAN
(Wide Area Network)
1) Geography –
·
LAN (Local
Area Network) – භූගෝලීය වශයෙන් එක් ප්‍රදේශයක් තුල පිහිටි පරිඝණක කිහිපයක් එකතුකොට
සාදාගත් පරිඝණක ජාලයක් Local Area Network එකක් වේ.
·
WAN (Wide Area Network) - භූගෝලීය වශයෙන් ප්‍රදේශ කිහිපයක් තුල පිහිටි පරිඝණක පද්ධති (LAN) කිහිපයක් satellite හරහා එකිනෙක සම්බන්ධ කරමින් සාදාගත් පරිඝණක ජාලයක් Wide Area Network එකක් වේ.
WAN (Wide Area Network) - භූගෝලීය වශයෙන් ප්‍රදේශ කිහිපයක් තුල පිහිටි පරිඝණක පද්ධති (LAN) කිහිපයක් satellite හරහා එකිනෙක සම්බන්ධ කරමින් සාදාගත් පරිඝණක ජාලයක් Wide Area Network එකක් වේ.
d MAN (Metropolitan Area Network) - නගරයක් තුල ඇති නිවාස ගොඩනැගිලි
කිරීමේදී මෙම Metropolitan Area Network ක්‍රමය භාවිතා කරයි.
·
CAN (Campus Area Network) - විශ්ව විද්්‍යාල Network කිරීමේදී ඔවුනටම ආවේනික මෙවන් Network ක්‍රම භාවිතා කරයි.
2) Architecture –
· * Peer to
Peer - මෙම
ආකෘතියට Network කර ඇති සියලුම computers වලට සමාන බලතල/ පහසුකම් -ලැබෙන පරිදි peer to peer Network එක සකස් වී ඇත.
· * Client /Server - මෙම ආකෘතියට Network කර ඇති සියලුම computers
වලට මූලික Server computer එකක් හරහා පහසුකම් ලබාදේ.අදාල Server
computer එක
මගින් අනෙක් සියලුම client computers පාලනය කරනු ලබයි.
3)
Topology –
·
Star
topology - තරුවක්
ආකාරයට Computers
හා අනෙකුත් printers/scanners
ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
·
Ring
topology - මුද්දක
ආකාරයට Computers හා අනෙකුත් printers/scanners ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
·
Bus
topology - මූලික
මාර්ගයකින් බේදී වෙන්ව යන ආකාරයට Computers හා අනෙකුත් printers/scanners
ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
·
Tree
topology - ගසක
අතුබෙදීයන ආකාරයට ජාල ගතවී ඇති ආකාරයට Computers
හා අනෙකුත් printers/scanners
ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
·
Mesh
topology - දැලක්
ආකාරයට ජාල ගතවී ඇති
ආකාරයට Computers
හා අනෙකුත් printers/scanners
ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
Hybrid topology - ඉහත සියලුම ආකාර වලින් සමන්විතව ජාල ගතවී ඇති ආකාරයට Computers හා අනෙකුත් printers/scanners ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
LAN හා WAN අතර ඇති ප්‍රධාන වෙනස නම්, LAN වලදී Telephone
cable සම්බන්ධවී ජාලය සාදන අතර WAN වලදී Telephone
cable සම්බන්ද නොවී ජාලය නිර්මානය
වීමත් වේ.
වැදගත්:- සමාන වර්ගයේ උපාංග දෙකක් සම්බන්ද
කරනවිට Cross cable සෑදිය යුතුයි.
නමුත්,වෙනස් වර්ගයේ උපාංග දෙකක්
සම්බන්ද කරනවිට Strait cable සෑදිය යුතුයි
Twisted pair cables category
–
“ Twisted pair cableයක් Ethernet වර්ගය තෝරාගන්නේ නම්, ඒ සදහා Cat 3 හෝ ඊට වැඩි cableයක් හා එම cableය Repeaters’
භාවිතා නොකර Signal strength
එක නොවෙනස්ව ගමන් කරන උපරිම
දුර 110mවේ.”
Fiber
optic cable :-
මෙහිදී data signal ගමන් කරනුයේ ආලෝක තරංග වශයෙනි,ආලෝක තරංග තත්පරයට මීටර් 300000000 වේගයකින් ගමන් කරන නිසා සාපේක්ශව Twisted pair cable
හා Coxial cable වලට වඩා වේගයෙන් data ගමන් කරනුයේ මෙම Fiber optic cable වලයි.
Optic
cable යේ භාහිර ආවරණය ඉතා දැඩි එකක් නිසා
භාහිර බලපෑම ඉතා අඩු අතර එම නිසාම cableයට ඇති ආරක්ශාව ඉතා වැඩිය.
Cable වර්ග:- (Transmission medias)
2. Wire රහිත ක්‍රමය = (wireless method)
·
Microwave transmission
·
Satellite
·
Wi-Fi
Wi-Max
1. Microwave
transmission
Microwave
තරංග ඔස්සේ නම්, ඊට අදාල Tourයකට computerය connectකර ඉන් නිකුත් signal එක් tourකින් ඊට මුහුනලා ඇති අනෙක් tourයකට සම්ප්‍රරේශනය කරයි.එය ග්‍රහනය
කරගැනීමට අනෙක් tourඑක සම්බන්ද computerයෙන අදාල signal එක බලා ගත හැක.
(භාදක හමුවේ භාවිතාකල නොහැක)
2. Satellite
සාපේක්ශව වැඩිම වේගයක් පවතින transmission ක්‍රමයයි.විසිරුනු ප්‍රදේශයක් හරහා transmission කිරීමේ හැකියාව වාසි සහගත වුවත්
කාලගුන බලපෑම් හමුවේ වේගය මන්දගාමී වීම අවාසියකි
3. WiMax
Transmission
කල හැකි උපරිම දුර 10Km වේ.
4. Wi-Fi
Network සම්බන්ධයෙන් සාමාන්ය මූලික දැනුමක් මෙයින් ලබාගන්න ඇතැයි විස්වාස
කරනවා..ඒ වගේම තවදුරටත් මේ පිලිබදව වගේම Computer Hardware පැත්ත ගැනත් මූලික අවබොධයක් දෙන්න බලාපොරොත්තු වෙනවා,ඒ වගේමයි Software Designing පැත්ත ගැනත් ඉදිරියට කියලා දෙනවා..
ඒවගේමයි මේ ලිපිය සම්බන්දයෙන් ඔබේ අදහස අපිට රන් හා සමානයි,ඉතින් මේ සම්බන්දයෙන් ඔබට ඇති ගැටලු,හා තවදුරටත් ඉදිරියට ඔබට දැන ගැනීමට
අවශ්ය පැතිකඩයන් පිලිබදව අපව දැනුවත්
කරන්න..
තවත් මේ වගේ වටින ලිපි ඔබවෙත තිලින කරන්න ඔබගේ අදහස්, උදහස් ,යෝජනා,චෝදනා ,ගල්, මුල් comment මගින් අපවෙත එවන්න..
ඔබගේ යහලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න ඒපා..
එහෙනම් තවත් අලුත් දෙයකින් හමුවෙමු.එතෙක් ඔබ සැමට ජයෙන් ජය! අලුත් සොෆ්ට්වෙයා ලෝකය අපි ඉත සිතින්
ප්‍රාර්ථනා කරනවා…..
0 comments:
Post a Comment