Saturday, March 8, 2014

Windows දාන්න CD එකක් හරි DVD එකක් හරි ඕනෙමද? Pen drive එකකින් දාන්නේ කොහොමද?

යාලුවනේ, මම අදත් ගෙනාවේ තව අලුත් වැඩක්

ඔයාලත් Computer format කරනවනේ.
එහෙම නැතිනම් ඔයගොල්ලොන්ගේ PC's format කරනව ඔයාල දැකල ඇතිනේ......

දැන් CD/DVD හීරුන කාලේ ඉවරයි

එහෙම PC format කරනකොට ඔයාල දන්නවනේ අපිට CD ROM එකක් හරි
DVD ROM එකක් හරි ඔනි කරනවනේ

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද එකක් Pen එකකින් Operating system    
එකක් දාන්නේ කියලා.

මේ පහත තියෙන විදිහ තේරෙන්නෙ නැති කෙනෙකුට පහලින් දාල තියෙන screen short එක බලල තේරුම් ගන්නත් පුලුවන්,එකේ සියලු codes apply කරන විදිහ දාල තියෙනවා
පහතින් දාල තියෙන codes හොදට බලල  අවබෝධ කරගන්න.
දෙවනුව Pen එකකින්  OS එක ඔයාලගෙ PC එකට දාන්න


මුලින්ම ඔයාලා pen එක PC එකට connect කරන්න(My computer එකේ pen එක පෙන්නනකන් ඉන්න)

පහත පියවර ඔස්සේ Comand prompt එක open කරගන්න
Start/All programmes/Accessories/Comand prompt

ඉන්පසු Comand prompt එක open වෙයි.
ඔයාල ඒකෙ ඇතුලේ diskpart ලෙස type කරන්න

බොහෝවිට තව Comand prompt එකක් open වෙයි,
සමහරවිට කලින් open කල Comand prompt එකේම diskpart කියලා cuser එක blink වෙයි

දැන් list disk කියලා type කරන්න,

දැන් ඔයාලගේ pen එකේ size එකට ආසන්නව සමාන size එකක් පෙන්වන Disk එකේ අංකය බලාගන්න
(මගෙ pen එක 8GB උනත් පෙන්නන්නෙ 7632MB කියලා ඒනිසා මම Disk 2 කියන එක ‍තෝරගන්නව)

අංකය බලාගත්තට select disk (type your disk number)කියලා type කරන්න
Ex- select disk 2

දැන් ඔයාලට disk එක ‍තෝරාගත්ත කියලා message එකක් එයි

දැන් select partition කියලා type කරන්න,

දැන් ඔයාලට partition එක ‍තෝරාගත්ත කියලා message එකක් එයි

දැන් active කියලා type කරන්න,
(දැන් තමයි ඔයාලගෙ pen එක හරි විදිහට Bootable pen එකක්  ලෙස select උනේ)

දැන් ඔයාලට DiskPart marked the current partition as active කියලා  message එකක් එයි

දැන් format fs=ntfs quick කියලා type කරන්න,
(quick කියලා type කරන්න අමතක කරන්න එපා)

දැන්  100 present completed කියලා message එකක් එයි
(ඔයාලගේ PC එකේ හා pen එකේ speed එක අනුව100% යන්න ගතවන කාලය වෙනස්,එතෙක් බලා සිටින්න මොකුත් වෙනස් කරන්න එපා)
දැන් ඔයාලට DiskPart successfuly formatted the volume කියලා  message එකක් එයි

දැන් exit කියලා type කරන්න,

දැන් ඔක්කොම හරි ඔයාලගෙ pen එක Bootable pen එකක් ලෙස format වෙලා ඉවරයි
දැන් ඔයාලගේ ඕනෑම XP/Vista/7/8 DVD එකක files සියල්ල පෙන් එකට copy කරන්න.

දැන් ඔයාලගෙ BIOS වලින් Boot disk order එක pen එකට select කරලා save කරලා Reboot කරන්න
වැඩේ හරිනේ.........

 වැදගත්:- මේම වරහන් තුල ඇති කිසිවක් type නොකරන්න
               රෝස පාටින් type කර ඇති දේ පමණක් type කරන්න
               type කරන සෑම code එකකට පසුවම Enter key එක ඔබන්න
                          
                 පහත කෙටි යෙදුම් අන්තර්ගතවේ.
(PC) Personal Computer
(OS) Operating system

මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත්  එකකින් නැවත හමුවෙමු.

0 comments:

Post a Comment

අපේ සහොදර Android blogiය සමග මෙතැනින් එකතුවන්න

අපගේ සහෝදර Films site එක සමග මෙතැනින් එකතුවන්න